[{{mminutes}}:{{sseconds}}] X
Пользователь приглашает вас присоединиться к открытой игре игре с друзьями .
хламус сінхалкус
(0)       Используют 2 человека

Комментарии

xcislav 19 сентября 2023
පුවත්පතක සංසරණය යනු. සාමාන්‍ය දිනයක එය විසින් බෙදාහැරෙන පිටපත් ගණනයි. වෙළෙඳ ප්‍රචාරණ අනුපාතිකයන් නියමකිරීමේදී, මෙම සංසරණය ප්‍රධාන සංගුණකයක් වෙයි. සංසරණය සහ, බොහෝවිට ගෙවූ සංසරණය ලෙසින් හැඳින්වෙන විකුණු පිටපත් ගණන, සැමවිටම එකක් නොවන්නේ, පාඨකයා වෙත කිසිදු ගාස්තුවක් අය නොවන පරිදී සමහරක් පුවත්පත් බෙදාහැරෙන නිසාය. පාථකගණ අගයයන් සාමාන්‍ය ලෙසින් සංසරණ අගයයන්ට වඩා ඉහළ වන්නේ, දර්හීය පුවත්පත් පිටපතක් එක් පුද්ගලයෙකුට වඩා වැඩි ගණනක් විසින් කියවනු ලබන බවට පවතින උපකල්පනය නිසාය.

ප්‍රකාශකයා විසින් කියා සිටින පාඨකයින් ගණන වෙත සැබවින්ම පුවත්පත ලඟාවන බවට වෙළෙඳ ප්‍රචාරකයන් වෙත සහතික කරනු වස්, සංසරණ පිළිබඳ විගණක කාර්යාංශය වැනි ස්වාධීන මණ්ඩල විසින්, බොහෝ රටවල, සංසරණයන් විගණනය කෙරෙයි.

අන්තර්ජාලය වෙතින් ප්‍රවෘත්ති පරිශීලනය කර ගත හැකි බව වැනි, සමාජීය සහ තාක්ෂණික වෙනස්කම් නිසා, බොහෝ සංවර්ධිත රටවල පුවත්පත් සංසරණය පහත බසිමින් පවතියි. අනෙක් අතට බලන කල, සමහරක් සංවර්ධනය වෙමින් පවතින රටවල සංසරණය ඉහළ යමින් පවතින්නේ, ආදායම, ජනගහනය සහ සාක්ෂරතාවය වැනි දෙය ඉහළ යෑම විසින්, මෙම සාධකයන්ගේ බලපෑම අවලංගු වන නිසාය.

විශාලතම සංසරණය සහිත ලෝකයේ පුවත්පත්
විශාලතම සංසරණය සහිත පුවත්පත් ලැයිස්තුවක්, පුවත්පත් හා පුවත් ප්‍රකාශකයන්ගේ ලෝක සම්මේලනය (WAN-IFRA) වෙතින් ප්‍රකාශයට පත් කෙරෙයි. 2011 වසර තුලදී, දළ වශයෙන් දිනකට පුවත්පත් මිලියන 330 ප්‍රමාණයක සංසරණයක් පවත්වා ගෙන ගිය ඉන්දියාව, පුවත්පත් සංසරණය විෂයයෙහි ලොව පෙරමුණ ගති.[1] 2005 වසර තුලදී, සම්පූර්ණ පුවත්පත් සංසරණය සැලකිල්ලට ගත් කල, දිනකට මිලියන 93.5 ක ප්‍රමාණයක් පවත්වා ගෙන ගිය චීනය විසින් ලැයිස්තුවෙහි පෙරමුණ ගත් අතර, මිලියන 78.8 ක් සමග ඉන්දියාව දෙවන ස්ථානයද, ඉක්බිතිව මිලියන 70.4 ක් සහිත ජපානයද, මිලියන 48.3 සහිතවූ එක්සත් ජනපදයද, මිලියන 22.1 ක් සහිතවූ ජර්මනියද පෙල ගැසුනහ. වැඩිම අලෙවියක් සහිතවූ පුවත්පත් 100 අතුරින් 75 ක් ආසියාව තුල ප්‍රකාශයට පත්වූ ඒවා වූ අතර, ඉහළ දසය අතුරින් සතක් ජපාන පුවත්පත් වූහ.[2]

යොමියුරි ෂිම්බුං, අසාෂි ෂිම්බුං සහ මයිනිචි ෂිම්බුං යන ජපාන පුවත්පත්, තවමත් ලෝකයේ වැඩිම සංසරණය සහිත පුවත්පත් වෙති. ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත, සියළු ආකෘතීන් තුලින් (පුළුල්පත්‍ර, සුසංහත, බර්ලිනර් සහ මාර්ගගත) ලෝකයේ වැඩිම සංසරණය සහිත ඉංග්‍රීසි-භාෂා දිනපතා පුවත්පත වෙයි. රෙෆරන්ස් නිවුස් (參考消息) යනු, චීනයේ වඩාත් ජනප්‍රිය පුවත්පත වෙයි. එක්සත් ජනපදයෙහි වැඩිම සංසරණය සහිත පුවත්පත් වන්නේ වෝල් ස්ට්‍රීට් ජර්නල් සහ යූඑස්ඒ ටුඩේ යන පුවත්පත් වන අතර, වසර කිහිපයක් තිස්සේ පසුව දැක්වුනු පුවත්පත විසින් පෙර දැක්වුනු පුවත්පත අභිබවා තිබුණි; එනමුදු, එහිම ප්‍රවර්ධන අසුරුව තුල දැක්වුනු පරිදී, 2009 වසර තුලදී පමණක්, යූඑස්ඒ ටුඩේ පුවත්පතෙහි සංසරණය මිලියන 3 කින් පරිහානියට පත්වීම නිසා, ඩබ්එස්ජේ පුවත්පත යළි පෙරමුණ ගෙන ඇත.

ගිනස් වාර්තා පොත ප්‍රකාර, 1990 වසරෙහිදී, කොම්සමොස්කා ප්‍රවුඩා නම් සෝවියට් පුවත්පතෙහි දිනපතා සංසරණය 21,500,000 ඉක්මවූ අතර, 1991 වසරෙහිදී, අර්ගුමියන්ති ඊ ෆක්ති නම් සෝවියට් සතිපතා පුවත්පත සතුව 33,500,000 ක සංසරණයක් පැවතුණි.

තනියුරු රටවල්
ඕස්ට්‍රේලියාව
තවද තොරතුරු: සංසරණය අනුව ඕස්ට්‍රේලියාවේ පුවත්පත් ලැයිස්තුව
ද හෙරල්ඩ් සන් නම් පුවත්පත ඕස්ට්‍රේලියාව තුල විශාලතම සංසරණය සහිත වුවද, එය කිසියම් අසාමාන්‍ය තත්ත්වයක් ගෙන හැර දක්වන්නේ, එය ප්‍රකාශයට පත් කෙරෙන මෙල්බර්න් නගරය, රටෙහි අගනුවර හෝ විශාලතම නගරය හෝ නොවන බැවිනි.
xcislav 5 сентября 2023
දිනපොතක් (සමහරවිට සඟරාව හෝ අත්පොත ලෙස සඳහන් කරන) යනු ප්‍රභින්න සටහන් ඇතුලත් කර, දිනය අනුව සංවිධානය කරනු ලබන වාර්තාවක් වන අතර එමගින් දිනක් හෝ වෙනත් කාලයක් පුරා සිදු වී ඇත්තේ කුමක්ද යන්න වාර්තා කරයි. පුද්ගලයෙකුගේ අත්දැකීම් සහ/ හෝ සිතුවිලි හෝ හැඟීම් , ලේඛකයාගේ ඍජු අත්දැකීමෙන් බාහිර වර්තමාන සිදුවීම් පිලිබඳ අදහස්ද පෞද්ගලික දිනපොතක් තුල ඇතුලත් විය හැකිය. දිනපොතක් තබා ගනු ලබන්නා දින චර්යා සම්පාදක ලෙස හඳුන්වනු ලබයි.ආයතනික කටයුතු සඳහා බාරගන්නා ලද දිනපොත්, රජයේ වාර්තා (උ.දා., හැන්සාඩ්), ව්‍යාපාර ලෙජර සහ යුද වාර්තා ඇතුළු මානව ශිෂ්ඨාචාරයේ බොහෝ අංශ කෙරෙහි යම් කාර්යභාරයක් ඉටු කරයි. බ්‍රිතාන්‍ය ඉංග්‍රීසියේ එම වචනය පෙර මුද්‍රණය කරන ලද සඟරා ආකෘතියක් ලෙසද දැක්වේ. 

අද එම යෙදුම පෞද්ගලික දිනපොත් සඳහා පොදුවේ යෙදන්නේ, පෞද්ගලිකව සිටීම හෝ මිතුරන් හෝ ඥාතීන් අතර සීමිත සංසරණය ඇති කිරීම යන අදහසින් යුතුවය. "සඟරාව" යන වචනය සමහර විට, "දිනපොත" සඳහා භාවිතා කල හැකි නමුත් සාමාන්‍යයෙන් දිනපොතක (හෝ ඇති කිරීමට අදහස් කරන) දිනපතා සටහන් ඇතුළත් කිරීම් අඩංගු වන අතර සඟරා ලිවිම නිතර නිතර සිදු නොවේ. .

මතක සටහන්, ස්වයං චරිතාපදානය හෝ නූතන චරිතාපදාන සඳහා දිනපොතක් තොරතුරු සැපයුවත්, එයින් කියවෙන පරිදි සාමාන්‍යයෙන් ප්‍රකාශයට පත් කරනු කිරීමේ අරමුණින් නොව, නමුත් කතෘගේ ම භාවිතය සඳහා ලියනු ලැබේ. කෙසේ වෙතත් මෑත වසර කිහිපය තුලදී සමහර දිනපොත් වල(උදා:, නෙඩ් රොරෙම්, ඇලන් ක්ලාක්, ටෝනි බෙන් හෝ සීමොන් ග්‍රෙයි යන අය)අභ්‍යන්තර සාක්ෂි වලට අනුව ඒවා ලියා තිබෙන්නේ අවසානයේ ප්‍රකාශයට පත් කිරීම සිතේ තබාගෙන වන අතර එයින් ස්‌වයං නිදොස් බාවය(පෙර හෝ මරණින් පසු) හෝ ලාභ ලැබීම අරමුණ වී ඇත.

දීර්ඝ කිරීමේදී දිනපොත යන වචනය ලිඛිත දිනපොතක මුද්‍රිත ප්‍රකාශනය ලෙස අදහස් කිරීමට ද භාවිතා කරයි;සහ ඉලෙක්ට්රොනික ආකෘති (උදා වියුණු සටහන) වැනි සඟරාවහි අනෙකුත් භාෂිතයන් වෙත යොමු කිරීමද විය හැකිය.
නිරුක්ති ශාස්ත්‍රය 

දිනපොත යන වචනය ලතින් භාෂාවේ ඩයරියම් ( "දෛනික දීමනාව," මිය සිට "දවස") යන පදයෙන් පැවත ගෙන එයි.සඟරාව යන වචනය පැමිණෙන්නේ ද සමාන මූලයක් වන පැරණි ප්‍රංශ භාෂාවේ ජූර්නල් හරහාය(දිනය සඳහා නුතන ප්‍රංශ වචනය ජුවර් වේ ).

දෛනික වාර්තාවක් ලියූ පොතක් පිලිබඳ අදහස් කරන මුල්ම වචන භාවිතය 1605 දී බෙන් ජොන්සන්ගේ හාස්යමය වොල්පොනේ තුල කියා හැකිය.
ඉතිහාසය

පැරණිතම දිනපොත වාර්තා වන්නේ මැද පෙරදිග සහ නැගෙනහිර ආසියානු සංස්කෘතීන් වලින් වන අතර නමුත් සමාන කාර්යයක් වන ටු මයිසේල්ෆ් (Τὰ εἰς ἑαυτόν), වලටද වැඩ පැරණි ක්‍රි.ව. දෙවන සියවසේ දෙවන භාගයේදී රෝම අධිරාජයෙකු වූ මර්කුස් ඔරෙලියස් විසන් ග්‍රීක භාෂාවෙන් රචිත, වර්තමනයේ මෙඩිටෙෂන් ලෙස හඳුන්වනු ලබන මෙය දිනපොතක් සතු ලක්ෂණ පෙන්වයි. ජපන් රාජකීය ළඳුන්ගේ පිලොව්බුක්ස් වල හා ආසියානු සංචාරක සඟරා වල මේ ආකාරයේ කලාතුරකින් ඔවුන්ගේ දිනපතා සිද්ධීන් ද වාර්තා වේ.උදාහරනයක් ලෙස විශාරද ලී ආඕ (ක්‍රි.ව.9 වන සියවසේදී) ඔහුගේ දකුණු චීනය හරහා යන ගමනේදී දිනපොතක් භාවිත කර ඇත.

මධ්‍යයතන මෑත පෙරදිගදී අරාබි දිනපොත් ලිය ඇත්තේ 10 වෙනි ශත වර්ෂයට පෙර සිටය. නූතන දිනපොතට බොහෝ සමානකමක් දක්වන මෙම යුගයේ පවතින පැරණිතම දිනපොත වන්නේ 11 වන සියවසෙහි ඉබන් බන්නාගේ දිනපොතය.නවීන දිනපොත් වලට බොහෝ සෙයින් සමානකම් දක්වන, දිනය(අරාබි භාෂාවෙන් ටා'රිඛ්) අනුව සකස්කර ඇති පැරණිතම දිනපොත වන්නේ ඔහුගේ දිනපොතය. 

නූතන අර්ථයෙන් බැලූ කල දිනපොතක පුර්වනිමිති වලට මධ්‍යතන යුගයේ ආධ්‍යාත්මිකව වැදගත් ලෙස සැලකුණු ආමුඛ හැඟීම් සහ බාහිර සිදුවීම් වලට බොහෝ දුරට අදාළ දෛනික ගුප්ත සටහන් ඇතුළත් වේ (උදා එලිසබෙත් ස්කොනාවූ, ඇග්නස් බ්ලාන්බෙකින්, සමහර විට තවද, ඇයගේ බොහෝ අහිමි ස්වභාෂා ගිණුම් වලට අනුව නාසරෙත්හි බියට්රිස්). 

පුනරුදයේ සිට සමහර පුද්ගලයන්ට අවශ්‍ය වූයේ මධ්‍යතන වංශකතා සහ ගමන් විස්තර වල පරිදි සිදුවීම් පිලිබඳ වාර්තා තැබීමට පමණක් නොව, නමුත් ප්‍රකාශයට පත් කිරීමේ අදහසකින් තොරව තමන්ගේ අදහස් සහ ඔවුන්ගේ බලාපොරොත්තු සහ බිය පිලිබඳ ලිය තැබීම වේ. 1405-49 යන වර්ෂ ආවරණය කරමින් වත්මන් සිදුවීම් වලට විෂයාත්මක අටුවා ලබ දෙන මුලින් සංරක්ෂණය කරන ලද උදාහරනයක් වනුයේ නිර්නාමික ද'උන් බෞර්ගියෝස් ද පැරිස් යන සඟරාවයි.ඊට බොහෝ කලකට පසුව පොත් ලෙස ප්‍රකාශය කෙරුණු ප්‍රසිද්ධ 14 සිට 16 වන සියවසේ පුනරුදය උදාහරණ වනුයේ, ෆ්ලොරෙන්ටිනෙස් බෝනාක්කොර්සෝ පිටි හා ග්රෙගොරියෝ ඩටි හා වැනිසියන් මැරිනෝ සනුටෝ ද යන්ගර්ගේ දිනපොත්ය.මෙහිදී අපි බොහෝ පිළිබිඹු, සංවේදී අත්දැකීම් හා පෞද්ගලික හැඟීම් සමඟ එක්ව වැදගත්කමින් අඩු එදිනෙදා සිදුවීම් පිලිබඳ වාර්තාද සොයා ගනු ලබයි.

1908 දී ස්මිත්සන් කොම්පැනිය මගින් දිනපොත රැගෙන යා හැකි පරිදි ප්‍රථම සැහැල්ලු දිනපොත නිපදවන ලදී.
ප්‍රකාශිත දිනපොත්
සැමුඑල් පෙපිස්
ෆඋස්ටිනා කොවල්ස්කා

සැලකිය යුතු දිනපොත් සංක්‍යාවක් ප්‍රකාශයට පත් වී ඇති අතර එය ස්වයං රචිත සාහිත්‍යයේ වැදගත් සාධකයක් ගොඩනගා ඇත.

අප අද හොදින් දන්නා ආදිතම දින චර්යා සම්පාදකයා සැමුඑල් පෙප්සියස්ය. ඔහුගේ දිනපොත් මග්දලෙනේ විද්‍යාලය,කේම්බ්‍රිජ් විද්‍යාලයේ සංරක්ෂණය කරනු ලබන අතර ඒවා 1825 දී ප්‍රථම වතාවට පිටපත් කර ප්‍රකාශයට පත් කරන ලදී. හුදූ ව්‍යාපර ගනුදෙනු අoකනයෙන් ඔබ්බට ගොස් දිනපොත් තුල පෞද්ගලික විෂයයන් සටහන් කල ප්‍රථම පුද්ගලයා පෙප්සියස්ය. පෙප්සියස්ගේ සමකාලින ජෝන් එව්ලියන්ද සැලකිය යුතු දිනපොත් ප්‍රමානයක් පොත් තබා ඇති අතර ඔවුන්ගේ ක්‍රියා ඉංග්‍රීසි ප්‍රතිසංස්කරණ කාල සිමාව අතරතුර සිදුවී ඇති බොහෝ දැවැන්ත සිද්දීන් වල ඇසින් දුටු සක්ෂිමය වාර්තාවලින් සමන්විතය. ඒවා ලන්ඩන් වල පැතිරුණ වසංගත, මහා ගිණි වැනි සිද්ධීන්ය.

සාහිත්‍ය සහ මරණයෙන් පසු සිදු කෙරෙන ප්‍රකාශන සහ වෙනත් සැලකිය යුතු දෑ දිනපොත් තුල ප්‍රකාෂණ ක්‍රියාවලිය 19 වන සියවසේදී අරඹන ලදී. උදාහරණ ලෙස ඩොරති වොර්ඩ්ස්වර්ත්ගේ ග්‍රස්මියර් සඟරාව (1771-1855) 1897 දී ප්‍රකාශයට පත්කරන ලදී. ෆානි බර්නිගේ වූ වාර සඟරා (1752-1840) 1889දි ප්‍රකාශයට පත් කරන ලදී. හෙන්රි ක්‍රබ් රෝබින්සන්ගේ සඟරා (1776-1867) 1869දි ප්‍රකාශයට පත් කරන ලදී.

එක්සත් ජනපද සිවිල් යුද්ද සමයේ දිනපොත් අතර නිව්යෝර්ක්හි නීතීක්න්යකු වූ ජෝජ් ටෙම්පල්ටෝන් ස්ට්‍රොන්ග්ගේ සහ රාජ්‍ය නිලදරියෙකුගේ බිරිදක් වූ මේරි චෙස්නට්ගේ දිනපොත් වැදගත් තැනක් ගනී.දැනට නිව්ජර්සිහි වෙස්ට් ඔරේන්ජ් නම් වූ ප්‍රදේශයේ විසු ජෙමිමා කොන්ඩික්ට්ගේ දිනපොත තුල ඇමෙරිකානු පෙරළිකාර යුද්ධයේ දේශීය නිරීක්ෂණ වල තොරතුරු ඇතුලත් වේ.

පුළුල් ලෙස කියවූ සහ පරිවර්තනය කරනලද වඩාත් ප්ර සිද්ද නූතන දිනපොත වන්නේ ඈන් ෆ්රෑන්ක්ගේ මරණයෙන් පසු ප්‍රකාශයට පත් වූ "ඩයරි ඔෆ් දී යන්ග් ගර්ල්" නම් වූ දිනපොතය.ඇය මෙය රචනා කර ඇත්තේ 1940 දී ජර්මනිය තුල සැඟව සිටින අතරතුරය.ඔටෝ ෆ්රෑන්ක් ඔහුගේ දියණියගේ දිනපොත සංස්කරනයකොට යුද්ධයෙන් පසුව ප්‍රකාශ කිරීමට සුදානම් කල අතර එය වෙනත් රටවල ප්‍රකාශයට පත් වීමට පෙර සංස්කරණ කිහිපයකට භාජනය කර ප්‍රකාශනයට පත් කරන ලදී. එමෙන්ම සමහර පුස්තකාලවල මෙම පොත තහනම් කිරීමට මෙහි ලිංගික කාරණා විවුර්ථ ලෙස ප්රකාශ කිරීමට බලපා ඇත. 

දිනපොත් ලිවීම 20 වන සියවසේ සිට ස්වයං ගවේෂණයේ සචේතනික ක්‍රියාවක් ලෙස සිදුකරනු ලබන අතර උදාහරණ ලෙස කාල් ජන්ග්ගේ, ඇලෙස්ටර් ක්‍රව්ලිගේ, සහ ඇනයිස් නින්ගේ දිනපොත් දැක්විය හැකිය.20වන සියවසේ සංඛ්‍යා වලට අනුව වැදගත් දිනපොත් අතර ෆ්‍රාන්ස් කෆ්කාගේ ,එඩ්මුන්ඩ් විල්සන්ගේ සහ ප්‍රංශ ලේකකයෙකු වූ පොල් ලේවූටඩ්ගේ(1872-1956) දිනපොත් වැදගත්ය. ස්වයං-පරිවර්ථක දිනපොත: සයින්ට් ෆොස්ටිනගේ ඩිවයින් මර්සි ඉන් මයි සෝල් නම් වූ පොතෙහි ඇගේ දැක්මෙහි වටිනාකම සහ යේසුස් සමග සිදුවූ සංවාද ඇතුලත් වේ.

ශක්තිමත් මානසික බලපෑමක් හටගන්නේ එක පුද්ගලයෙකුගේ ස්වයං ප්‍රකාශනයට ශ්‍රාවක පිරිසක් සටීම මගිනි. එසේ වුවත් මෙය එක පුද්ගලයෙකු විසින් ලියනා පොතක් වන අතර එය විශේෂයෙන්ම කියවන්නේ අවදානමට ලක්වූ තවත් එක පුද්ගලයෙක් පමණි. ඈන් ෆ්‍රෑන්ක් ඇගේ පොත "කිටි" ලෙස හැඳින්වීමට තරම් දුර ගියාය. එමෙන්ම නාසි ජර්මනියේ උසාවි නිලදරියෙකු වූ ෆෙඩ්රික් කෙල්නර් ඔහුගේ දිනපොත තමාට ඉදිරියේදී හමුවන දුෂ්ට පාලකයන්ට ත්‍රස්තවදින්ට ආයුධයක් ලෙස සැලකු අතර ඔහු ඔහුගේ දිනපොත් "මෙන් වයිඩර්ස්ටන්ඩ් ","මයි ඔපොසිශන්" නමින් හැදින්විය. එමෙන්ම වික්ටර් කෙම්ප්ලර් ද ඔහුගේ සටහන් තුල අනාගත පාලන තන්ත්‍රය සහ කෘර නාසි ජර්මනිය සහ පෙරදිග ජර්මානු අනුප්‍රාප්තිකයා ගැනද සදහන් කර ඇත.

අන්තර්ජාල දිනපොත්

අන්තර්ජාල පිවිසුම පොදු භාවිතයක් බවට පත් වීමත් සමඟම, බොහෝ පුද්ගලයන් එය ප්‍රේක්ෂකයන් ද සමඟ තමන්ගේ ජීවිත වංශ කතාව ලියන මාධ්‍යක් ලෙස අනුවර්තනය කර ගන්නා ලදී.1996 සිට 1994 නොවැම්බර් 14 වන දින දක්වා එම්අයිටී මීඩියා ලැබ් වෙබ් අඩවියෙහි ප්‍රකාශය කෙරුනු ක්ලෝඩියෝ පින්හැනෙස්ගේ "ඕපන් ඩයරි" යන්න ප්‍රථම ඍජුවම පරිගණක පාලනයට සම්බන්ධ වූ දිනපොත ලෙස හඳුන්වනු ලැබේ. අනෙක් ඍජුවම පරිගණක පාලනයට සම්බන්ධ වූ දිනපොත් වන්නේ 1994 සිට පුර වර්ෂ එකොළහක් පෞද්ගලික ඍජුවම පරිගණක පාලනයට සම්බන්ධ වූ දිනපොතක් ලියන ලද ජස්ටින් හෝල්ගේ දිනපොත 1995 ජනවාරි 3 සිට "කැරොලින් ගේ දිනපොත " ප්‍රකාශයට පත් කිරීම ඇරඹු කැරොලින් බෘක්ගේ දිනපොත , සහ 1995 අප්‍රේල් 19 දින සෙමි එක්ස්සිස්ටන්ස් ඔෆ් බ්‍රයන් යන දිනපොත උඑස්ඉනෙට් නිව්ස් ග්රුපය තුල නිවේදනය කරන ලද බ්‍රයන් සදර්ලන්ඩ්ගේ දිනපොතය .

වෙබ් අඩවි පදනම් කරගත් සේවාවන් වන විවෘත දිනපොත(1988 ඔක්තෝබර් ඇරඹු) සහ ලයිව්ජර්නල් (1999 ජනවාරි ඇරඹු) ඉක්මනින්ම ප්‍රධාන මුලයේ සහ ස්වයංක්‍රීය ඍජු ප්‍රකාශන ලෙස මතු වූ නමුත් බ්ලොග්ස් පැමිණීමත් සමඟ පෞද්ගලික කතා ලිවීමේ කලාව වර්ධනය විය. පළමුව ආකෘතිය බාහිර සම්බන්ධතා සහ කාලීන් විවරණය කෙරෙහි අවධානය යොමු කරන අතර, පුලුල් බ්ලොග් වාර්තා මෙවලම් වෙබ් සඟරා නිර්මාණය කිරීමට ඉක්මනින් භාවිතා කරන ලදී. අන්තර්ජාල දිනපොත් වල පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා මෑත කාලීනව දියුණු කිරීම කර ඇත. උදාහරනයක් ලෙස දැන් සමහර දිනපොත් මෘදුකාංග ඇතුලත් කිරීම ගබඩා කරනු ලබන්නේ 256 බිට් ඒඉඑස්(ඇඩ්වාන්ස් එන්ක්රිප්ෂන් ස්ටෑන්ඩරඩ්) වැනි එන්ක්රිප්ටඩ් ආකෘතියකට අනුවය, සහ අනෙක් ඒවා ආරක්‍ෂිත යුඑස්බී උපාංගයක් මත නිවැරදි පින් අංකය ඇතුලත් කිරිමෙන් පසු ඇතුලත් වීම සඳහා අවසර ලබ දෙයි. 
ඩිජිටල් දිනපොත්

මොබයිල් ඇප්ස් ජනප්‍රිය වීමත් සමඟම දිනපොත් හෝ සඟරාමය ඇප්ස් අයිඔඑස් සහ ඇන්ඩ්රෝයිඩ් සඳහා ලබාගත හැකිය.පහත සඳහන් කාරනා ඩිජිටල් යෙදවුම් සමඟ ලේඛන කිරීම සඳහා ප්‍රථමික හේතුන් ලෙස යෝජකන් විසින් උපුටා දක්වනු ලබයි : යතුරු ලිවීමේ වේගය හා පහසුව; පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි වීම; සෙවීමේ හැකියාවන් ; ජංගම දුරකතන වලින් ස්ථානය, දිනය, සහ අනෙකුත් පාර දත්ත ඇතුලත් කිරීමේ හැකියාව; සහ ටැග් හා අනෙකුත් සංවිධාන විශේෂාංග. ඩිජිටල් දිනපොත්ද කෙටි කාලීන, එම මොහොතේම ලිවිය හැකි ෆේස්බුක්,ට්විටර්, ඉන්ස්ටග්රෑම්, සහ අනෙකුත් සමාජ සේවා කටයුතු සමඟ සමාන බවක් පෙනී යයි.
දිනපොතේ වෙනත් ආකාරයන් 
භෝජන සඟරාව

භෝජන සඟරාවක් හෝ ආහාර දිනපොතක් යනු සිරුරේ බර අඞු කිරීම හෝ වෙනත් පෝෂණ අධීක්ෂණය කිරීම සඳහා කැලරි පරිභෝජනය සොයා ගැනීමේ මාධ්යයක් ලෙස පරිභෝජනය කරන ලද සියලුම ආහාර හා පාන වර්ග නිෂ්පාදනයේ සහ දෛනික වාර්තාවක් වේ. 
සිහින සඟරාව

සිහිනය සඟරාවක් හෝ සිහිනයක් දිනපොතක් යනු සිහින අත්දැකීම් පසුව විශ්ලේෂණය හා ඇතැම් විට ස්වප්නපේන කාර්යයන් සඳහා වාර්තා කර ඇති ජර්නලයක් වේ.
නින්ද සඟරාව

නින්ද දිනපොතක් හෝ නින්ද ලඝු-සටහනක් යනු නින්ද ආබාධ රෝග නිර්ණයට සහ ප්රතිකාර සඳහා භාවිතා කරන මෙවලමකි. 
ටගේබුච්

ජර්මානු ටගේබුච් ("දවස-පොත") සාමාන්යයෙන් ඉංග්රීසි "දිනපොත" ලෙස පරිවර්තනය කර ඇති, නමුත් එම වචනය සමාන වන්නේ කාලීන වැඩපොත් හෝ වැඩ සඟරා මෙන්ම නිසි දිනපොත් යන්න සඳහාය. උදාහරනයක් ලෙස ඔස්ට්‍රේලියානු ලේඛක රොබර්ට් මුසිල්ගේ සටහන් පොත් සහ ජර්මන්-ස්විස් කලාකරු පෝල් ක්ලී යන අය ටුගේබුචර් ලෙස හැඳින්වේ.
චාරිකා සටහන්

ගමන් සඟරාවක්, සංචාරක දිනපොතක් , හෝ මාර්ග සඟරාවක් යනු ගමනක් හෝ ගමන් මාලාවේ ලේඛන ගත කිරීම වෙයි.
යුද්ධ දිනපොත 

යුද්ධ දිනපොතක් යනු ඒකකයක නිලධාරියකු විසින් පවත්වාගෙන යනු ලබන යුධ කාලයේ දී හමුදා ඒකකය විසින් පරිපාලනය හා ක්රියාකාරකම් නිරන්තරයෙන් යාවත්කාලීන නිල වාර්තාවක් වේ. 
අසාමාන්‍ය දිනපොත්

කැනඩාවේ රාජකීය යුද හමුදා විද්යාලයේ සමහර නිලධාරීන් ඔවුන්ගේ ටී කොටු මත ඉන්දියානු තීන්තයෙන් ඔවුන්ගේ දිනපොත් ලියා ඇත; 1880 සිට මේ උදාහරණ විදුහලේ කෞතුකාගාරය රඳවා ඇත. 
ප්‍රබන්ධ දිනපොත්

ප්‍රබන්ධ දිනපොත් සඳහා ඇති තරම් නිදසුන් පවතී. මුල්ම මුද්රිත කල්පිත දිනපොතක් වන්නේ ජෝර්ජ් ග්රෝස්ස්මිත් සහ ඔහුගේ සොහොයුරු වීඩන් විසින් ලියන ලද ඩයරි ඔෆ් අ නොබොඩි යන විකට දිනපොත විය . 20 වන ශතවර්ෂයේ උදාහරණ වනුයේ ගුවන් විදුලි සම්ප්‍රේෂණ (උදා: මිසිස් ඩේල්ස් ඩයරි) සහ ප්‍රකාශිත ග්‍රන්ථය (උදා: ඇන්ඩරයන් මෝල් ගේ දිනපොත්). දීර්ඝ කාලීන ඉඟි කරන සහ උපහාසාත්මක විශේෂාංග යන ලක්ෂණ දෙකම ප්‍රයිවෙට් අයි නමිති සඟරාව:පෙර අග්‍රාමාත්‍ය හැරෝල්ඩ් විල්සන්ගේ බිරිය මේරි විල්සන්ට නිර්දේශිත මිසිස් විසන්ස් ඩයරි ය ද පසුව "ද සිකරට් ඩයරි ඔෆ් ජෝන් මේජර් ඒජ්ඩ් 47¾" ලෙස නම් කරන ලද සහ අග්‍රාමාත්‍ය ජෝන් මේජර්ගේ පදනමට අනුව ඇන්ඩියන මොලේගේ දිනපොත් වල සංග්‍රහනුකරන්යෙන් ලියන ලද දිනපොත් වේ. නුතන උදාහරණයක් ලෙස ඩයරි ඔෆ් අ විම්පි කිඩ් සීරියස්, එහිදී සත්‍ය දිනපොතක ඇති අයුරින්, ප්‍රධාන චරිතයේ පළමු පුද්ගල දැක්ම ග්‍රන්ථ මාලාවේ එක් එක් පොත ලියා ඇත.
මෙයද බලන්න

ස්වයංචරිතපාධන
කොමෙන්ටෙරි
සාමාන්‍ය පොත්
කලා දිනපොත
ව්යාජ මතක සටහන් 
ජර්නල් (වක්රෝත්තිහරණය) 
දිනපොත් හා සඟරා පොත් ලැයිස්තුව
දිනපොත් ලේඛකයන්ගේ ලැයිස්තුව
සිහින දිනපොත් ලැයිස්තුව
ප්‍රබන්ධ දිනපොත් ලැයිස්තුව
නික්කි බුන්ගකු
ඍජුලෙස පරිගණකය හා සම්බන්ධ දිනපොත 
වර්ගය:දිනපොත්
වර්ගය:දිනපොත් ලේඛකයන්
xcislav 18 августа 2023
උඅර් රාජකීය ක්‍රීඩාව

ක්‍රිපූ 2600–2400
Period/culture ආදි රාජවංශික III 'කොටු විස්සෙහි ක්‍රීඩාව ලෙසින්ද හැඳින්වෙන, උඅර් රාජකීය ක්‍රීඩාව යන්නෙන් අදහස් වන්නේ ඉරාකයෙහි උඅර් රාජකීය සොහොන් ගැබ් තුල තිබී ශ්‍රීමත් ලෙනාඩ් වුලී විසින් 1920 ගණන් වලදී සොයාගත් ක්‍රීඩාඵලක දෙකකින් නිරූපණය කෙරෙන පුරාතන ක්‍රීඩාවකි.
xcislav 28 июля 2023
ට්‍රිටියම් (ඉංග්‍රීසි: Tritium) යනු හයිඩ්‍රජන් වල සමස්ථානිකයකි. සංකේතය T හෝ 3H වේ.
xcislav 27 июля 2023
සබන් බුබුළක් යනු දේදුනු පැහැති පෘෂ්ඨයක් සහිත ගෝලයක හැඩය ගන්නාවූ ඉතාමත් තුනී සබන් මිශ්‍රිත ජල පටලයකි. එක්කෝ ස්වභාවික අභාවය නිසාවෙන් හෝ නැතිනම් වෙනත් වස්තුවක් හා ස්පර්ශ වීම නිසාවෙන් හෝ, පුපරා යෑමට පෙරාතුව සබන් බුබුළක ආයු කාලය සාමාන්‍ය වශයෙන් ස්වල්ප මොහොතක් පමණි. ඒවා බොහෝ විට දරුවන්ගේ ආශ්වාදය සඳහා භාවිතා වන අතර, සමහර විට කලාත්මක රඟ දැක්වීම් වලදී පවා භාවිතා වෙයි. සබන් බුබුළු සැමවිටම ලක්ෂ්‍යයන් හෝ දාරයන් අතර කුඩාම පෘෂ්ඨීය වර්ගඵලය දරන බැවින්, අවකාශය හා සම්බන්ධ සංකීර්ණ ගණිතමය ගැටළු විසඳීමට ඒවා උපකාරි විය හැක.[තහවුරු කර නොමැත].

භෞතික විද්‍යාව
පෘෂ්ඨික ආතතිය සහ හැඩය

සබන් බුබුළු, ජෝන්-බැප්ටිස්ට් සිමියොන් චාඩින්, මධ්‍ය-18වන සියවස
සබන් බුබුළක පැවැත්ම සඳහා අනුග්‍රහය සපයන්නේ ද්‍රවයක (සාමාන්‍ය වශයෙන් ජලය) පෘෂ්ඨීය ස්තරය කිසියම් පෘෂ්ඨික ආතතියක් සහිත වීම නිසාවෙන්, එම ස්තරයට ප්‍රත්‍යස්ථ තලයක් ලෙසින් හැසිරීමට ඉඩ ලබා දෙන නිසාය. සබන් පටලය අතිශයින් සුනම්‍ය වන අතර යොදනු ලබන බලයට අනුරූපව රැලි නැගුම සිදු විය හැක.කෙසේවෙතත්, පරිශුද්ධ ද්‍රවයක් පමණක් භාවිතයෙන් නිර්මිත බුබුළක් ස්ථායි නොවන අතර, බුබුළ ස්ථායිකරණය සඳහා සබන් වැනි ද්‍රාවිත පෘෂ්ඨීය සක්‍රියකාරකයක් අවශ්‍ය වෙයි. සබන් විසින් ජලයේ පෘෂ්ඨික ආතතිය ඉහළ දමන බවට පොදු දුර්මතයක් පවතින නමුත්, දළ වශයෙන්, පරිශුද්ධ ජලයෙහි පෘෂ්ඨික ආතතියෙන් තුනෙන් පංගුවකට එය පහළ දමමින්, සබන් ඇත්ත වශයෙන් සිදු කරන්නේ ප්‍රතිවිරුද්ධ දෙයය. සබන් විසින් කරනුයේ බුබුළ ශක්තිමත් කෙරුම නොවන අතර, මරන්ගෝනි ආචරණය නම් ක්‍රියාවලියක් ඔස්සේ එය සිදුකරනුයේ ඒවා ස්ථායි කරනය සිදු කිරීමයි. සබන් පටලය ඇදෙන විට, සබන් වල පෘෂ්ඨීය සාන්ද්‍රණය අඩුවෙන අතර, එම නිසාවෙන් පෘෂ්ඨික ආතතිය ඉහළ යයි. එබැවින් සබන් ක්‍රියා කරන්නේ බුබුළෙහි ඉතා දුර්වල කොටස් ශක්තිමත් කරන අයුරින් වන අතර, බුබුළෙහි කිසියම් එක් කොටසක් පමණට වඩා ඇදීම වළක්වාලයි. මෙයට අමතරව, සබන් විසින් වාෂ්පීභවනය අඩුකරමින්, බුබුළෙහි පැවැත්ම දිගු කරයි; එනමුත් මෙම ආචරණය සංසන්දනාත්මකව කුඩාය.

බුබුළකට ගෝලාකාරී හැඩය ලබා දෙන්නේද පෘෂ්ඨික ආතතිය නිසාය. කිසියම් දී ඇති පරිමාවකට හැකි තරම් කුඩා පෘෂ්ඨීය වර්ගඵලය ලබා දෙන්නේ ගෝලයක් වන අතර, එබැවින් ගෝලාකාර හැඩයක් ගැනුම නිසාවෙන් බුබළක පිටත පෘෂ්ඨය අවම වෙයි. වාත ධාරාවන් නිසා මෙම හැඩය විකෘත වෙන බවක් නිරික්ෂණය කල හැක. කෙසේවෙතත්, නිශ්චල වාතයෙහි පහළට පැමිණීමට බුබළකට ඉඩ සැලසුවොත්, එය ගෝලාකාර හැඩයක් පවත්වා ගන්නවා මිස, නිදසුනක් වශයෙන් අපට බොහෝ විට දක්නට ලැබෙන කාටුන වලදී මෙන්, වැහි බිඳුවක හැඩය නොගනියි. පහළට වැටෙන වස්තුවක් එහි අන්ත ප්‍රවේගයට පැමිණෙත්ම, එය වෙත ක්‍රියා කරන රෝධ බලය එහි බරට සමාන වෙයි. එහි ප්‍රමාණය හා සංසන්දනය කරමින් වැහි බිඳුවක බර හා සැසඳීමෙහිදී බුබුළක බර ඉතා අඩු බැවින්, බුබළක හැඩය විකෘති වීම ඉතාමත් අඩු මට්ටක පවතියි. (විකෘති වීමට විරුද්ධ වන පෘෂ්ඨික ආතති අගය අවස්ථා දෙකෙහිදීම සමසම අගයක් ගනියි: සබන් විසින් ජලයේ පෘෂ්ඨික ආතතිය තුනෙන් පංගුවකට අඩු කරන නමුත්, එහි අභ්‍යන්තර හා බාහිර වශයෙන් පෘෂ්ඨ දෙකක් ඇති බැවින් පෘෂ්ඨික ආතති අගය සඵල ලෙසින් දෙගුණයක අගයක් ගනියි.)
xcislav 7 июля 2023
චෙන්නායි (දමිළ: சென்னை) යනු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ අගනුවරයි. 1991 දී මෙනුවර ජනයා 5,361,470ක් විසූහ. එකල මෙම නුවර හඳුන්වනු ලැබුවේ මදුරාසිය / මදුරාසපට්ටිනම් යන නමිනි.
xcislav 7 июля 2023
කුළුබඩු ඉංග්‍රීසි යනු ආහාර පිසීමේ හෝ කල්තබා ගැනීම සඳහා භාවිතා කරන ද්‍රව්‍යයක් වේ.
xcislav 17 июня 2023

හුණු ගල්
අවසාදිත පාෂාණ
Limestone Formation In Waitomo.jpg
නවසීලන්තයේ, වයිටොමෝ දිස්ත්‍රික්කයේ හුණු ගල්
සංයුතිය
කැල්සියම් කාබනේට්: අකාබනික ස්ඵටිකරූපී කැල්සයිට් සහ/හෝ කාබනික චූර්ණමය ද්‍රව්‍යය
හුණු ගල් යනු කැල්සියම් කාබනේට් (CaCO3)හි විවිධ ස්ඵටිකරූපී ආකාර වන කැල්සයිට් සහ ඇරගනයිට් ඛනිජයන්ගෙන් විශාල වශයෙන් සමන්විත වන අවසාදිත පාෂාණ විශේෂයකි. බොහෝ හුණු ගල් සෑදී ඇත්තේ කොරල් හෝ ෆොරමිනිෆරා වැනි මුහුදු ජීවීන්ගේ අස්ථි කොටස් වලිනි.

සමස්ත අවසාදිත පාෂාණ ඝන ප්‍රමාණයෙන් 10% පමණ හුණු ගල් වේ. The solubility of limestone in water and weak acid solutions leads to karst landscapes, in which water erodes the limestone over thousands to millions of years. බොහෝ ගුහා සංකීර්ණ පිහිටා ඇත්තේ හුණු ගල්හි පිහිටි පාෂාණ හරහා ය.

හුණු ගල්හි බොහෝ භාවිතයන් පවතී: ගොඩනැගිලි ද්‍රව්‍යයක් ලෙස, මාර්ගයන්හි පාදම් සඳහා සමූහනකාරකයක් ලෙස, සුදු වර්ණකයක් ලෙස හෝ දන්තාලේප හෝ තීන්ත වැනි නිෂ්පාදනයන්හි පිරවුම් ද්‍රව්‍යයක් ලෙස සහ as a chemical feedstock.

1778 දී හුණු ගල් වලින් ඩොලමයිට් ප්‍රභේදනය කර හඳුනා ගත් ප්‍රථම භූ විද්‍යාඥයා Belsazar Hacquet වේ. [1]

විස්තරය

Limestone quarry at Cedar Creek, Virginia, USA

La Zaplaz formations in the Piatra Craiului Mountains, Romania.
අනෙකුත් බොහෝ අවසාදිත පාෂාණ මෙන්ම, හුණු ගල් බොහොමයක් කණිකා වලින් සැදුම් ලත් වේ. හුණු ගල්හි ඇති බොහෝ කණිකා කොරල් හෝ ෆොරමිනිෆරා වැනි මුහුදු ජීවීන්ගේ අස්ථි කොටස් වේ. හුණු ගල් වල අඩංගු වන අනෙකුත් කාබනේට කණිකා වනුයේ ooids, peloids, intraclasts, සහ extraclasts වේ. මෙම ජීවීන් ඇරගනයිට් හෝ කැල්සයිට් වලින් සැදුම් ලත් කවච ශ්‍රාවය කරන අතර, එම ජීවීන්ගේ මරණයෙන් පසු මෙම කවච පසෙකලනු ලැබේ.
xcislav 7 июня 2023
මූර්ජනය යනු සම්ප්‍රේශණය කල හැකි ආවර්ථික තරංගයක ගති ලක්ශණ එකක් හෝ කීපයක් සම්ප්‍රේශණය කල යුතු තරංගයේ ගති ලක්ශණ වලට අනුකූලව වෙනස් කිරීමේ ක්‍රියාවලියයි. මෙහි සම්ප්‍රේශණය කල හැකි තරංගය වාහක තරංගය ලෙසද, මූර්ජන ක්‍රියාවලියෙන් පසු බිහි වන තරංගය සම්ප්‍රේශක තරංගය ලෙසද හඳුන්වනු ලබයි. මෙම ක්‍රියාවලිය සිදු කිරීමේ පරමාර්ථය වනුයේ වාහක තරංගය සතු එහෙත් ප්‍රයෝජනවත් තරංගය සතු නොවන ලක්ශණ උපයෝගී කර ගනිමින් සංනිවේදන ක්‍රියාවලිය සිදු කිරීමයි. නිදසුනක් ලෙස ගුවන් විදුලි සම්ප්‍රේශණ ක්‍රියාවලිය සැලකිය හැකිය. සාමාන්‍ය ශබ්දය පැතිරෙන්නේ මීටර් කීපයක දුරකට පමණි. ඊට වඩා වැඩි දුරකට තොරතුරු යැවීමට නම් වෙනත් දෙයක උපකාරයක් ගැනීමට සිදු වෙයි. ගුවන් විදුලි සම්ප්‍රේශණයේදී භාවිතා වන දෙය නම් රේඩියෝ සංඛ්‍යාත විද්‍යුත් චුම්භක තරංගයකි. මෙහිදී විද්‍යුත් චුම්භක තරංගයේ වැඩි දුරකට නොනැසී ගමන් කිරීමේ හැකියාව එය ‍තෝරා ගැනීමට හේතුව විය. විද්‍යුත් චුම්භක තරංගවලට අමතරව ආලෝක තරංග (ප්‍රකාශ තන්තු සන්නිවේදනය), අධි සංඛ්‍යාත විද්‍යුත් තරංග ආදියද සංනිවේදන ක්‍රියාවලියන්හීදී භාවිතා කරනු ලබයි. මූර්ජන ක්‍රියාවලිය සිදුවන එකිනෙකට වෙනස් ආකාර ගනනාවකි.

මෙසේ යම් ආකාරයකින් මූර්ජනය කර යැවූ තරංගයකින් වැදගත් තොරතුර හෝ දත්තය නැවත පෙරා ගැනීමේ ක්‍රියාවලිය විමූර්ජනය ලෙස හැඳින්වේ. මෙහිදී, මූර්ජනයේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලිය විද්‍යුත් පරිපථ මගින් කරවීමෙන් ලබා ගනී. මූර්ජනය සිදුකරන උපාංගය හෝ පරිපථ කොටස මූර්ජකය ලෙස හැඳුන්වෙන අතර විමූර්ජනය සිදු කරන පරිපථ කොටස හෝ උපාංගය විමූර්ජකය ලෙස හැඳින්වේ.

ප්‍රතිසම මූර්ජන ආකාර[සංස්කරණය]
ප්‍රතිසම ප්‍රදාන සංඥාවක් ප්‍රතිසම වාහක තරංගයක මූරජනය කිරීමේ ක්‍රියාවලිය ප්‍රතිසම මූර්ජනය (Analog Modulation) ලෙස හැඳින්වේ. ප්‍රතිසම මූර්ජන ආකාරද මූර්ජන ක්‍රියාවලියේදී වාහක සංඥාවට සිදු කරන වෙනස්කම් අනුව මෙසේ වර්ගීකරණය කල හැකිය.

Animation of audio, AM and FM signals
ප්‍රදාන සංඥාව අනුව විස්තාර මූර්ජනයේදී විස්තාරයත්, සංඛ්‍යාත මූර්ජනයේදී සංඛ්‍යාතයත් වෙනස් වන ආකාරය.
විස්තාර මූර්ජනය(AM)
ප්‍රතිසම ප්‍රදාන සංඥාවට අනුව වාහක තරංගයේ විස්තාරය වෙනස් කිරීමේ මූර්ජන ආකාරය විස්තාර මූර්ජනය (Amplitude Modulation) ලෙස හඳුන්වනු ලැබේ.

සංඛ්‍යාත මූර්ජනය(FM)
ප්‍රතිසම ප්‍රදාන සංඥාවට අනුව වාහක තරංගයේ සංඛ්‍යාතය වෙනස් කිරීමේ මූර්ජන ආකාරය සංඛ්‍යාත මූර්ජනය (Frequency Modulation) ලෙස හඳුන්වනු ලැබේ.

කලා මූර්ජනය(PM)
ප්‍රතිසම ප්‍රදාන සංඥාවට අනුව වාහක තරංගයේ කලාව වෙනස් කිරීමේ මූර්ජන ආකාරය කලා මූර්ජනය (Phase Modulation) ලෙස හඳුන්වනු ලැබේ.


සංඛ්‍යාංක මූර්ජන ආකාර[සංස්කරණය]
වර්තමාන තොරතුරු තාක්ෂණික දියුනුවත් සමඟ සංඛ්‍යාංක මූර්ජන ආකාර ඉතා සුලභව භාවිතා වේ. තොරතුරු වල නිවරද්‍යතාවය සාපේක්ශව ඉතා ඉහල වීම මෙම මූර්ජන ආකාරය ප්‍රචලිත වීමට බලපෑ ප්‍රධාන හේතුවයි. සංඛ්‍යාංක මූර්ජනයේදී සිදු වන්නේ, සංඛ්‍යාංක ආකාරයෙන් පවතින ප්‍රදාන තරංගය ප්‍රතිසම ආකාරයෙන් පවතින තරංගයක් සමඟ මූර්ජනය කිරීමයි. මෙහි මූර්ජනයේදී සිදු වන ක්‍රියාවලිය සංඛ්‍යාංක සිට ප්‍රතිසම පරිවර්ථනයක් වන අතර විමූර්ජනය ප්‍රතිසම සිට සංඛ්‍යාංක පරිවර්ථනයක් වේ. සංඛ්‍යාංක මූර්ජනයේ මූලික ආකාර මඟින් එහි සංකීර්ණ ආකාර ගොඩ නඟා ඇත.

සංඛ්‍යාංක මූර්ජනයේ මූලික ආකාර[සංස්කරණය]
විස්තාර තැත්මාරු යාතනය
සංඛ්‍යාත තැත්මාරු යාතනය
කලා තැත්මාරු යාතනය
චතුර්ථාකාර විස්ථාර මූර්ජනය
xcislav 31 мая 2023
මෙවැනි යානාවක මුලික කාර්යභාරය වන්නේ යුධ නැවක් ලෙස ක්‍රියා කරමින් මුහුදේ අහස් යානාංගනයක් ලෙස ක්‍රියා කිරීමය. මෙමඟින් නාවුක හමුදාවකට හමුදා අංගනයක නොසිට සිය ගුවන් බලය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව සැලසේ. මෙවැනි සුපිරි නෞකා නිපදවු‍යේ නැවක සිට බැලුන ගුවන් ගත කරමින් යුධ බිමේ ඔත්තු බැලූ ප්‍රාථමික යානාවල සිටය. දැනට මේ නැව් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන කැරකැවෙන අවර පෙති සහිත යානා විසිතිස් ගණනක් දැරිය හැකි සුවිසල් යානාය.

19 වැනි හා 20 වැනි සියවසේදී මුලින්ම ඔත්තු බැලීම සඳහා නියමුවන් සහිත බැලුන ගුවන් ගත කෙරිණ. 1903 දී යානයක් ගුවන් ගත කළ අතර 1910 ඇමරිකා එක්සත් ජනපද නෞකාවක් වූ Cruiser ප්‍රථම ගුවන් යානය ගුවන් ගත කළේය.මෙසේ මුහුදු ගුවන් යානා ගුවන් ගත කිරීම් සිදුවූ අතර බ්‍රිතාන්‍යයේ සිය HMS Engadine නෞකාවද එයින් එක් යානයකි. ප්‍රථම වරට සමතලා මතුපිට සහිත විශාල නැව් නිපදවීම්ද ආරම්භ විය. 1920 වන විට මෙවැනි නෞකා නිෂ්පාදනය වේගවත් වූ අතර බ්‍රිතාන්‍යයේ HMS Hermes Hosho සහ ඇමරිකා එක්සත් ජනපදයේ Lexington නෞකාවද ඒ අතරට එක්විය.II වැනි ලෝක යුද්ධයේ දී විවිධ වර්‍ගවල ගුවන් යානා රඳවන යානා භාවිතා කළේය. ඇමරිකා එක්සත් ජනපදෙයේ පරිවාර යානාවක් වන Barnes නෞකාවද නිදවුයේ II වැනි ලෝක යුධ සමයේ ය.

මෙම බොහොමයක් නෞකා ගුවන් යානාංග ලෙස නිපදවුවද තවත් සමහරෙක් නිපදවුයේ පැවති වෙළඳ නෞකා වෙනස් කරමින් ය. ඒවා ද්විත්ව කාර්ය ‍යානා ලෙස වැඩි දියුණු කරන ලදී. ඇමරිකා එක්සත් ජනපදයට අයත් Independence නෞකාව සැහැල්ලු ගුවන්යානා ගෙන යන නෞකාවකට වඩා යුධමය කටයුතු වෙනුවෙන්ම නිපදවූ පරිවාර ගණයේ යානාවක් විය. මෙම යානා යුධමය කටයුතු සඳහාම නිපදවූ නිසා වැඩි වේගයකින් යුතු නෞකාවක් විය.

යුධමය හදිසි තත්ත්වය උදෙසා පරිවර්තනය කරන ලද සමහර නෞකා වලට කැටපෝල්ට් ක්‍රමයෙන් ගුවන් යානා රඳවා ගත නොහැකි වන්නේ ඒවා වෙළඳ නැව් පරිවර්තනය කරමින් නිපදවා ඇති නිසාය. මේවාට උදාහරණ ලෙස බ්‍රිතාන්‍ය එස්.එස් Michael E නෞකාව හැඳින්විය හැකිය.


The Japanese seaplane carrier Wakamiya conducted the world's first naval-launched air raids in 1914.
මෙම නෞකා හදිසි අවස්ථාවලදී යොදා ගත හැකි වෙළඳ නෞකා විය. (MACs) බ්‍රිතාන්‍යයට අයත් MV Empire Mac Alpine නෞකාව මෙවැනි එක් යානාවක් විය . එය ධාන්‍ය ගෙනයාමට යොදා ගත් නෞකාවකි.

රාජකීය ජපන් හමුදාව විසින් සිය බිඳවැටුණු මුහුදු බලය තර කර ගැනිම සඳහා මෙවැනි නෞකා නිපදවීම සිදු කරන ලදී.

1943 දී මෙවැනි යානා 2 ක් නිපදවා ඇති අතර එය battle of midway සදහා යොදාගෙන ඇත. මෙම වෙනස සිදුකර ඇත්තේ නැවේ උඩ කොටස ඉවත්කර ගුවන් යානා නැවැත්වීමට අවශ්‍ය කැටපෝලට් ඇමුණුමක් මෙම යානාවලට ඇතුලත් කර යානාංගනයක් ලෙස සකස් කිරීමෙනි.

බර යානයක් වූ ජපානයේ Mogami නෞකාවද මෙවැනිම වෙනස්කමකින් නිපදවා ඇත. මෙම වෙළඳ නැව් යුධ නැව් බවට පත්කිරීම එතරම් සාර්ථක කාර්යයක් වුයේ නැත.

ප්‍රංශ Surcouf හා ජපාන 1 - 400 යන නෞකා ප්‍රහාරක ගුවන් යානා ගෙන යන සබ්මැරීන නෞකා ය. මේවාට Aichi M6A Seiran ගුවන් යානා ත්‍රිත්වයක් රැගෙන යා හැකිය. මේවා එතරම් සාර්ථක නොවු යුධ යානා වූ අතර 1920 ගණන්වල දී නි කෙරිණි.

නැව් පංතියේ ප්‍රමුඛයා ලෙස නාවික හමුදා විසින්මෙවැනි යානා හඳුන්වන ලබන්නේ අතර පෙරදී මේ තැන ලැබී තිබුනේ යුධ නැවටය. කෙසේ වුවද යුද්ධයේදී ගුවන් බලය පිළිබඳ අදහස් මුලින්ම කරළියට ආවේ II වැනි ලෝක යුධ සමයේ දීය . මේ නිසා යුධ ගුවන් යානාවල හැකියාවෙ,කාර්යක්ෂමභාවය හා දුර පිළිබඳව සිතන්නට පෙළඹී ඇත.ටොන් 75000 ක් බර Super carrier නෞකාව මෙම සියලු නෞකාවල අග රැජින ලෙස දැක්විය හැකිය. මෙවැනි බොහෝමයක් නැව් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන අතර යාත්‍රා කරන්නේ මව්බිමෙන් සැතපුම් දහස් ගණනක් ඈතක සිටය.

ඇමරිකානු එක්සත් ජනපද Tarawa හා බ්‍රිතාන්‍ය HMS Ocean යන නෞකාද පහර දෙන යානා රැගෙන යන ඒවාය. ඒවායේ විශාල ගණනක් හෙලිකොප්ටර් රැගෙන යා හැකිය. මෙම ද්විත්ව හැකියා ඇති යානාවලට කමාන්ඩෝ යානා රැගෙන යාමේ (V STOL යානා ) හැකියාව ද ඇත.

මෙම නැව්වලට වෙඩිබලයක් නොමැති වීම නිසා මෙවැනි යානා සතුරන්ට ඉලක්ක විය හැකිය. අනෙක් නැව්වලින්, ගුවන් යානා සබ්මැරීන හෝ මිසයිල හෝ සතුරු ආක්‍රමණ ඇතුලත්වේ. ප්‍රධාන ගණයේ යුධ නැව් වලට අමතරව මෙම නැව් සදහාද 20 වන සියවසේ විශාල ලෙස මුදල් වැයකරමින් විශාල ගුවන් යානා ගෙන යාහැකි ලෙස නිපදවා ඇත.ඇමරිකානු එක්සත් ජනපදයේ හමුදාව සතු Nimitz නෞකාව II වැනිලෝක යුධ සම‍‍යේ තිබූ Enterprise හා සැසදීමේ දී සිව් ගුණයක විශාලය. පසුගිය වසර කීපය තුළ නිපද වූ යුධ ගුවන් යානාවල ප්‍රමාණය ක්‍රමයෙන් විශාල වුවද ඒවායේ තත්ත්වය,ගෙන යන ගුන් යානා වල ප්‍රමාණය විශාල නොවීය.


ප්‍රහාරක ගුවන් යානා රැදවුම් නෞකා

ප්‍රහාරක ගුවන් යානා රැදවුම් නෞකාවක්
ඇමරිකා එක්සත් ජනපද ජෝන් එෆ්. කෙනඩි, ‍ජෝන් ස්ටෙනිස්, ප්‍රංශයට අයත් චාල්ස් ඩිගෝල්, බ්‍රිතාන්‍ය HMS ඕෂන් යන නෞකා සහ පරිවාර යානා සමූහය 2002 සිට සක්‍රීය සේවයට යොදවා ඇත. යුධ අවස්ථාවකදී මෙම නැව් සමූහය එකිනෙකට ආසන්නව යාත්‍රා කරයි. නාවික හමුදාව සතු අති විශාලම නෞකා වන්නේ ප්‍රහාරක ගුවන් යානා රැඳවුම් නෞකාවන්ය. Nimitz රැඳවුම් නෞකාව බලගන්වන්නේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක 2 කින් හා වාෂ්ප ටර්බයින 2 කිනි. මෙම නෞකාව අඩි 1092 (මීටර් 333) ක දිගින් යුක්ත වන අතර වටිනාකම පවුම් බිලියන 4.5 කි. ලොව වැඩිම ප්‍රහාරයක ගුවන් යානා රැඳවිය හැකි නෞකා සතුවන රාජ්‍යය නම් ඇමරිකා එක්සත් ජනපදයයි. ලොව සුපිරි එවැනි යානා සහිත එකම රටද ඇමරිකා එක්සත් ජනපදය වන්නේය. ඇමරිකාව තවත් එවැනි යානා 02 ක හිමිකරුවෙක් වීමට ආසන්න සිටින අතර ඉන් එකක් අධි සුපිරි යානයක් ද වන්නේය. මෙවැනි යානා එක්සත් ජනපදය ආරක්ෂාව අතින් ලොව සුපිරි බලවතා බව පෙන්වන කදිම සාක්ෂි වේ. දැන් ප්‍රංශය සතුවද චාල්ස් ඩී ගෝල් ‍යානා රඳවන නෞකාව (R - 91) ක් ඇත. ඇමරිකාව හැරණු කළ එවැනි සුපිරි යානයක් සතු ලොව එකම රට බවට ගෞරවය හිමිවන්නේ ප්‍රංශයටය.


ලොව රටවල් 9ක මෙවැනි ප්‍රහාරක ගුවන් යානා රඳවන නෞකා 21 ක් සක්‍රීයව යාත්‍රාවේ යොදවා ඇත. එම රටවල් නම් එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය,ප්‍රංශය,රුසියාව,ඉන්දියාව, ඉතාලිය, ස්පාඤ්ඤය, බ්‍රසීලය හා තායිලන්තය යන රටවල්ය. මීට අමතරව රුසියානු නිෂ්පාදනයක් වන චීනයේ Varyag නෞකාවද සක්‍රීය තත්ත්වයේ පවතී. නමුත් නාවික විශ්ලේෂකයන්ට අනුව චීනය මෙම යානය භාවිතා කරන්නේ අනාගත නෞකා තටාකයේ ප්‍රවර්ධනයට විනා යුධ කටයුතු සඳහා නොවේ.


එක්සත් ජනපදය, බ්‍රසීලය, උතුරු කොරියාව, බ්‍රිතාන්‍ය, කැනඩාව, චීනය,ඉන්දියාව ජපානය,ඔස්ට්‍රේලියාව,චිලී දේශය,සිංගප්පුරුව හා ප්‍රංශයද බහු කාර්ය හෙලිකොප්ටර් යානා ප්‍රවාහනය කල හැකි නෞකා භාවිතා කරයි.


මෙම ගුවන් යානා රඳවන සුපිරි නෞකා යාත්‍රා කරන්නේ පරිවාර නෞකා සමූහයක්ද කැටුවය. ඒ ආරක්ෂාව සඳහා මෙන්ම අනෙකුත් ප්‍රායෝගික අවශ්‍යතාද නිසාය. මෙවැනි නෞකා ‍පොකුරක් හදුන්වන්නේ සංග්‍රාම නෞකා සමුච්චය ලෙසයි.


21 වන සියවසේ මුල් භාගයේද මෙම නෞකා වල ගුවන් යානා 1250 ක් තරම් ගෙනයාමේ හැකියාව පැවතිණ. ඇමරිකානු යුධ නෞකා වලට ගුවන් යානා 1000 ම ගෙන යාමේ හැකියාව ඇත. බ්‍රිතාන්‍ය හා ප්‍රංශය‍මෙම හැකියාව ඇත. බ්‍රිතාන්‍ය හා ප්‍රංශයටද මෙම හැකියාව වර්ධනය කර ගැනීමේ උත්සාහයක යෙදී සිටී. නමුත් දැනට මෙම හැකියාවේ සුපිරි බලවතා ඇමරිකාවයි.


ගුවන් පථ සහිත නෞකා
මුහුද මැද තනා ඇති ගුවන් පථ ලෙස මෙම යුධ නෞකා හැඳින්විය හැකිය. ගුවන් ගත කිරීම් නැවේ ඉදිරි පස කොටසේ ඇති ගුවන් පථයේදීත් පතිත කිරීම් නැවේ පසුපස ඇති ගුවන් පථ වලිනුත් සිදු කරයි. ගුවන් යානා ගුවන් ගත කිරීමේ වේගය පාලනය කර ගැනීම සඳහා නෞකාව පැයට කිලෝමීටර 60 ක වේගයක් රඳවා ගත යුතුය. මෙමඟින් නෞකාවට සාපේක්ෂව යානාව දැරිය යුතු වේග පාලනයක් සිදු කරයි. සමහර නෞකා වාෂ්ප බලයෙන් ක්‍රියා කරන කැටපෝල ඇමුණුමක් මඟින් ගුවන් යානයේ එන්ජිම් වලට අවශ්‍ය වේගය ලබා දීමේ සහායක කාර්යක නියලී සිටී.


නමුත් සාම්ප්‍රදායික නෞකාවල ඇති කොක්කක් ගුවන් පථයේ ඇති කම්බි වල දැවටීමට සැලැස්වීමෙන් යානය කෙටි දුරකින් පතිත කිරීමට (landing) හැකි වේ. හෙලිකොප්ටර් සහ VISTOL (සිරස්/ කෙටි දුර ගුවන් ගත කරන යානා) ඒවායේ ඇති පාවීමේ හැකියාව ප්‍ර‍යෝජනයට ගෙන යානය ගොඩ බෑම සඳහා උපකාරී කර ගනී


සාම්ප්‍රදායික යානා ( ඇමුණුම් කොක්කත් සහිත ) LSO (ගුවන්යානා ගොඩබෑමට උදව් වන නිලධාරියෙකුගේ සහය ලබා ගනී. එමඟින් ලබාගන්නා දත්ත මඟින් නියමුවා යානය ගොඩ බෑම සිදු කරයි.


විශේෂයෙන් ගුවන් පථ හදුන්වාදීමට පෙර එනම් 1950 ගණන් වලට පෙර ඉහත නිළධාරියා LSO යොදා ගත්තේ වර්ණ කරන ලද පුවරුය. 1950 පසු දර්පණ මඟින් ගුවන් පථයේ ඈත දර්ශන මඟින් ගොඩ බෑමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කරන ලදී. කෙසේ වුවද LSO නිළධාරියා රේඩියෝ ඇමතුම් මඟින් අවශ්‍ය උපදෙස් ලබා දීමේ ක්‍රියාවලිය තවමත් සිදුවේ.


මෙම ප්‍රහාරක යානා ගෙන යන නෞකා වල ඇති ගුවන් පථ ලොව අනාරක්ෂිතම ගුවන් පථ වේ. ඇමරිකානු නෞකාවල නැවියන් වර්ණ කබා පැළදීමෙන් තම සේවා අනන්‍යතාව පවත්වාගෙන යයි. සුදු කබා හැදි නැවියන් ආරක්ෂාව පිළිබඳ වගකීම් දරයි. රතු කබා හදින්නන් ආයුධ භාරව ක්‍රියා කරයි. දම් කබා කරුවන්ගේ කාර්යය වන්නේ Q ජෙට්යානාවල ඉන්ධන අංශයයි. කහ කබා කරුවන් නැව හසුරුවන්නන් ලෙස ක්‍රියා කරයි. උදාරහණයක් ලෙස විදින්නා (Shooler) හෙවත් නියමුවා අදින්නේ කහ කබායකි. Handler - නැමිති නාවිකයාද අදින්නේ කහ කබායක් වන අතර ගුවන් පථයේ මැද ඇති කුඩා ඉඩ කොටසේ සිට ගුවන් යානා ගොඩ බැස්සවීමෙත්, ගුවන් ගත කිරීමේත් සහාය ලබා දේ. air boss නමැත්තාද කහ කබායක් ඇද සිටියි. ඔහු මෙහෙයුම් අට්ටා‍ලයේ මෙහෙයුම් විනිසුරු ලෙස කටයුතු කරයි.


ඉතා සංක්ෂිප්තව පවසතොත් මෙම සුපිරි නෞකා ගුවන් ගත කිරීම්, ‍ගොඩ බෑම් දිස් වන්නේ සියුම්ව අධ්‍යයනය කරන ලද බැලේ සංදර්ශනයක් ලෙසය.


නැවේ කපිතාන් හෝ රිය අද්මිරාල්වරු වර්ණ කබා නොපළදති. කපිතාන් හා සහාය ‍නාවිකයනුත් ඔවුන්ගේ කාර්ය ඉටු කරන්නේ මෙහෙයුම් වේදිකාවට පහලින් ඇති වේදිකාවක සිටය.


නෞකාවේ නැවත‍ගොඩබැසීමේ පථ වරායෙන් පිටත නැවේ දිගු අතට වන්නට පිහිටුවීම ආරම්භ කළේ 1950 ගණන් වලට පසුවය. මෙම කොටසේ මූලික කාර්යභාරය වන්නේ ගුවන් පථයේ ඇති කම්බි වල නොදැවටුන යානාව නැවත ගුවන් ගතවීමෙදී නැවේ නවතා ඇති ගුවන් යානාවල ගැටීම වැළැක්වීමය. මේ මඟින් ගුවන් යානා ගුවන් ගතවීම හා බැස්සවීම එකවර කිරීමේ අවස්ථාව සැලසී ඇත.

tiny globe
F/A - 18 Hornets - Nimitz Hony S Toumen
ගුවන් යානා ගෙන යන සුපිරි නෞකාවේ මෙහෙයුම් වේදිකාව හා අනෙක් වේදිකාව ඇත්තේ දිවයින (island) නම් වු ඉතා කුඩා ඉඩකය. අනතුරක දී සාමාන්‍යයෙන් නැවියන් නැව වම් අත පැත්තට හැරවීමේ සංසිද්ධිය මුල් කරගෙන මෙ මෙහෙයුම් වේදිකාව ස්ථාන ගත කර ඇත්තේ නැවේ වම් පැත්තට වන්නටය. සුපිරි නෞකාවල මෙම 'දිවයින' (island) ඉතා සුවිශේෂ වන අතර මෙම අංශයෙන් තොර නැව් ඇත්තේ ඉතා අල්පයකි.


බ්‍රිතාන්‍යයේ නාවික හමුදාව මඟින් (fight deck) Ski Jump ramp හිම තරණ බෑවුම් අටලුවක් වැනි උපාගංයක් නිෂ්පාදනය කර ඇති අතර ඇමරිකානු යානාවල මෙය යොදා ගැනීමට නොහැක්කේ ඒවා බර හා විශාල නිසාය. එමෙන්ම E2 Hawkeye සහ F/A -18E/F Super Hornet වැනි යානා බර හා විශාල මෙන්ම ගුවන් යානා පථයේ වැඩි දුරක් යාමේ අවශ්‍යතාවක් එම යානාවලට ඇත.
xcislav 21 мая 2023
මෙහිදී ශ්‍රේණි වල ව්‍යාප්තිය වෙනතකට යොමු විය. මෙම පදයේ වෙනත් අදහස්, මත සදහා ශ්‍රේණි පාඩම බලන්න. ටේලර් බහු පද ප්‍රකාශන වල තත්ත්වය ඉහළ යාමත් සමග, එය පිලිගත් ශ්‍රිතයක් බවට පත් විය. මෙම සංකල්පය ටේලර් සන්නිකර්ෂණය, 1,3,5,7, ,11 හා 13 යන අනුක්‍රමයේ බහුපද සහ Sinx ගෙන හැර පායි.

Sintay.svg

ඝාතීය ශ්‍රීතය (නිල් පැහැයෙන් දක්වා ඇති) සහ ශූන්‍යයේදී එහි ටේලර් ශ්‍රේණියේ පළමු පද n +1 හි එකතුව (රතු පැහැයෙන් දක්වා ඇති)
ගණිතයේදී ටේලර් ශ්‍රේණිය, තනි ලක්ෂ්‍යයකදී එහි ව්‍යුත්පන්නයන්ගේ වටිනාකම් වලින් අපේක්ෂා කල පදවල අපරිමිත එකතුව දක්වන ශ්‍රිතයක නිරූපණයකි. එය ඇතැම් විට, ටේලර් බහු පද ප්‍රකාශන වල සිමාව ලෙසද සැලකිය හැක. ඉංග්‍රීසි ජාතික ගණිතඥ බෲක් ටේලර්ට ගරුකිරීමක් වහයෙන් ටේලර් ශ්‍රේණි නම් කර ඇත. යම් ශ්‍රේණියක් ශූන්‍යයේදී ව්‍යුත්පන්නයන් භාවිතා කරයි නම් එම ශ්‍රේණිය ස්කෝට්ලන්ත ජාතික ගණිතඥ කොලින් මැක්ලෝරියන්ට පසුව නම් කරන ලද මැක්ලෝරියන් ශ්‍රේණිය ලෙසත් හදුන්වනු ලැබේ.
Написать тут Еще комментарии

Связаться
Выделить
Выделите фрагменты страницы, относящиеся к вашему сообщению
Скрыть сведения
Скрыть всю личную информацию
Отмена